පෙබරවාරි 14 වෙනිදා... පෙම්වතුන්ගේ දිනය.... PSPG කට්ටිය මොනවා කරන්නද? garden එක පැත්තට ගිහින් රෝස මල් ටිකක් වත් විකිනුවානම් fund raise කරගන්න තිබ්බා... එත් ඉතින් ඔව්වා කලින් ප්ලෑන් කරන්න එපැයි... අපි හිතුවා පොඩි gathering එකක් organize කරන්න.. මොකද දැයට කිරුල ඉවර උනාට පස්සේ ඊලගට තියෙන programs ගැනත් කතා කරගන්න ඕනනේ. පෙබරවාරි 14 වෙනිදා meeting තියන්න හොදම තැන garden එකනේ. අපි ඉතින් සෙට් වෙලා දැයට කිරුල එකේ අය වැය හැදුවා.. එසේ මෙසේ ගානක් නෙමේ රුපියල් 7000ක විතර ශුද්ධ ලාබයක් තියෙනවා. ( කාටද ආඩම්බර?)
ඊලගට අපි කරන්න ඉන්න event ගැනත් කතා කරලා garden එකේ පොඩි රවුමකුත් දාලා (garden එකට ආපු එකේ සිරි නරබන්නත් එපැයි) කට්ටිය විසිර ගියා..
p.s: අපි meeting එන්නේ නැතිව හොරෙන් garden ආපු කට්ටියත් දැක්කා
දවසේ වචනය : පලු ගෙඩි





