හවස් වෙද්දී තමයි අපේ fund raising වැඩේ පටන් ගත්තේ. Barbaque..
විශේෂයෙන්ම කියන්න ඕන හංසිකාලගේ ගෙදරින් මේ දවස් ටිකේ ලොකු සහයෝගයක් දුන්නා. එහේ season කරලා තමයි හවසට චිකන් සයිට් එකට ගේන්නේ. අපේ කුක් උනේ තීක්ෂණ.. හැබැයි අන්තිම දවස වෙද්දී හැමෝටම මේ experience එක ආවා. එ කියන්නේ ඔක්කොම Barbaque දාන්න දන්නවලු හොදේ…
කොහොමහරි ඔන්න වැඩේ පටන් ගත්තා.වටේටම Board ගැහුවා.advertisingනුත් තියෙන්න ඕනනේ.වැඩේ නැගලා යනවා. බිස්නස් එක කොච්චර හොදද කියනවනම් පැය දෙකක් වත් යන්න කලින් චිකන් ටික ඉවරයි. දැන් මොනවා කරන්නද,හරවලා යවනවා මිසක්.. වැඩේ හිතුවාටත් වඩා සාර්ථකයි.ඊලග දවසට ටිකක් වැඩිපුර ගෙන්න (චිකන්) අපි කල්පනා කරා.
ගෑනු ලමයි රෑ 9 වෙද්දී ගෙවල්වලට පිටත් කරලා අපි ඉතින් ටෙන්ට් එක ඇතුලෙම නිදා ගත්තා.
දෙවෙනි දවසේත් උදේ සාමාන්ය විදිහට ප්රදර්ශණ කටයුතු සිදුවුනා. ඒ අතරේ අපි සිසිල් බීම විකුණන්නත් පටන් ගත්තා.ඒකත් නැගලා යනවා.ජෙරමි ගෙනල්ලා දුන්න ස්කාෆ් ටිකත් අපි sale එකට දැම්මා.හවස් වෙද්දි "Barbaque". ඕක තමයි දැයට කිරුලේ අපේ routine එක උනේ.
ඊට අමතරව 7වෙනිදා විතර හංසිකාලගේ ගෙදරින් ගෙනාපු වෙරළු ටිකත් (එහෙම කිව්වට අන්තිමේදි ලොකු අත්තක්ම කැපුවා) උනු උනුවේම විකිනුනා. ඇයි කෝපි?... ඒකට barbaque පරාදයි.
ඕක තමයි දැයට කිරුලේ හිටපු අපේ විස්තරේ.. SOSOG එකේ සාමාජික සාමාජිකාවනුත් මේ වැඩේ සාර්ථක කරගන්න අපිට උදවු උනා. දවස් 7ක් තිස්සේ තිබ්බ මේ ප්රදර්ශනේට සෙනගෙන් නම් අඩුවක් උනේ නෑ. ඒක හින්දා අපිටත් අනෙක් ප්රදර්ශන කුටි බලන්න යන එක අමාරු වැඩක් උනා. 10න් පස්සේ කවුරුත් නැති අතරේ අපි ගිහින් හිතේ හැටියට ඔය ප්රදර්ශනේ බලාගත්තා.
P.S:අන්තිම දවසේ උදේ පාන්දර 4.30ට පුවක් කොටයක් උස්සගෙන ඇවිත් කට්ටියක් බෙන්ච් එකක් ගැහුවලු..අන්තිම දවසට ඔහොම මහන්සි වෙලා කරන වැඩ වලට කියන්නේ " පොකිරිස්සන්ගේ වැඩ" කියලාලු....
අපේ එක්කෙනෙක්ට ගම්වාසියෙක් විසින් දවල් කෑමට ආරාධනාවකුත් කලාලු.....





No comments:
Post a Comment